“සොබා චලන” කෙටි වීඩියෝ සහ “සොබා සේයා” පරිසර ඡායාරූප තරඟාවලිය – 2026
පරිසරය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම සහ ස්වභාවධර්මය හා පරිසර සංරක්ෂණය පිළිබඳ නිර්මාණශීලී අදහස් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “සොබා චලන” කෙටි වීඩියෝ තරඟාවලිය – 2026 සහ “සොබා සේයා” පරිසර ඡායාරූප තරඟාවලිය – 2026 සංවිධානය කරනු ලැබේ.
මෙම තරඟාවලි සඳහා සහභාගී වී ඔබගේ නිර්මාණශීලී හැකියාවන් ඉදිරිපත් කිරීමට උනන්දුවක් දක්වන සියලු දෙනාට ආරාධනා කෙරේ.
වැඩි විස්තර, තරඟ කොන්දේසි සහ අයදුම්පත් බාගත කර ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන්න:
https://www.facebook.com/env.gov.lk



