අප ගැන
දෙපාර්තමේන්තුවේ කාර්යභාර්ය
කාර්මික සංවර්ධනය, යුධ තත්ත්වයන්, වසංගත හා ස්වාභාවික මෙන්ම මිනිසා විසින් නිර්මාණය කරන ලද ව්‍යසන යනාදී බාධකයන්ට මුහුණදීමට සිදු වුවද, ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යානය සතුව අභිමානවත් දීර්ඝ ඉතිහාසයක් පවතියි. මෙම කාල පරිච්ඡේදය පුරාවටම උද්‍යාන සශ්‍රීක වීමත්, ශාක සංචිත වර්ධනය වීමත්, නව උද්‍යාන ස්ථාපිතවීමත් සිදුවී ඇති අතර, වර්තමානය වන විට උද්‍යානය ශ්‍රී ලංකාවේ සුවිශේෂී ජාතික සම්පතක් බවට පත්ව තිබේ.
තවද, ලොව නන්දෙසින් රැගෙන ආ ශාක නිදර්ශක මගින් ශාක රාජධානියේ විවිධත්වය සහ සුන්දරත්වය විදහා දක්වන මෙම උද්‍යාන, විවේකය සඳහා කදිම ස්ථානයක් වේ. දැනුම හා විශේෂඥභාවය හුවමාරු කර ගැනීමට ද, සංරක්ෂණය, ජෛවවිවිධත්වය, මල්වගාව පිළිබඳ ඉගෙන ගැනීමට ද, ස්වභාවධර්මයට ආදරය කිරීම ද එය මනා තෝතැන්නකි. උද්‍යානය මිනිසුන් උදෙසා පවතින්නකි; උද්‍යාන නැරඹීමට පැමිණෙන 5% ක පාසල් සිසුන්ට අමතරව, මිලියන 2කට අධික පිරිසක් වාර්ෂිකව උද්‍යාන නැරඹීම සඳහා පැමිණෙති.
ආසන්න වශයෙන් පුද්ගලයින් 1000කට වැඩි පිරිසක් සේවයේ යොදවමින්, සියලුම උද්භිද උද්‍යාන (එනම් මුළු උද්භිද උද්‍යාන පහක් සහ එක් වන ඖෂධ උද්‍යානයක්) ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් කළමනාකරණය කරමින් නඩත්තු කරයි. දෙපාර්තමේන්තුව යටතේ පවතින පැරණි උද්භිද උද්‍යාන කිහිපයක් 19 වැනි සියවසේ මුල් භාගයේදී ආරම්භ කර ඇත. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය (1821); හක්ගල උද්භිද උද්‍යානය (1861) සහ ගම්පහ පිහිටි හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය (1876) යනාදිය බ්‍රිතාන්‍යයන් විසින් විදේශික ආර්ථික ශාක පිළිබඳ පර්යේෂණ කටයුතු සිදු කිරීමට සහ නිවර්තන කලාපීය ප්‍රදේශවල ශාක සම්පත පිළිබඳ ගවේෂණය කිරීමට පිහිටුවන ලදී.
ශ්‍රී ලංකාවේ ආර්ථික හා පාරිසරික සංවර්ධනයට දායක වන සියලු ප්‍රධාන ශාක වර්ග හඳුන්වාදීම, පර්යේෂණ සිදු කිරීම හා ශාක සංරක්ෂණය කිරීම ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේනතුවේ ආයතනික වගකීම වේ. පසුකාලීනව, වියළි කලාපීය ශාක විතැන් සංරක්ෂණය සඳහා උද්භිද උද්‍යානයක් (වසර 130කට පසු දේශීය විශේෂඥයින් විසින් සංවර්ධනය කරන ලද ප්‍රථම උද්භිද උද්‍යානය) හම්බන්තොට ප්‍රදේශයේ ද, තෙත් කලාපීය ශාක විතැන් සංරක්ෂණය සඳහා උද්භිද උද්‍යානයක් අවිස්සාවේල්ල ප්‍රදේශයේ ද ස්ථාපිත කරන ලදී.
වසර 130කට පසු දේශීය විශේෂඥයින් විසින් සංවර්ධනය කරන ලද ප්‍රථම උද්භිද උද්‍යානය ( මෙරට තෙවන උද්භිද උද්‍යානය 1876 වසරේදී බ්‍රිතාන්‍යයන් විසින් ඉදි කරන ලදී)
මෙම උද්භිද උද්‍යානවලට අමතරව, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය, තිරසාර භාවිතය සහ කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා 1950 ගණන්වල ගනේවත්ත ප්‍රදේශයේ වන ඖෂධ උද්‍යානයක් ද පිහිටුවන ලදී. ජාතික ශාකාගාරය, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අංශයක් වන අතර එය දශක පහළොවකට වැඩි කාලයක් තුළ බොහෝ වෙනස්කම්වලට මුහුණ දෙමින් දෙපාර්තමේන්තුවේ සංකේතාත්මක සහ තීරණාත්මක අංශයක් ලෙස ක්‍රියාත්මක වේ. උද්‍යානවල ඇති සියලුම ශාක සංචිත මෙන්ම ශාකාගාරයේ සංරක්ෂිතව පවතින ද්‍රව්‍ය, මුද්‍රිත පොත්පත් හා ප්‍රකාශන යනාදිය උද්භිද විද්‍යාව සහ ඒ ආශ්රිත විද්‍යාවන්හි ඉගැන්වීම් සහ පර්යේෂණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය මූලික තොරතුරු සපයන සම්පත් වන අතර, විවිධ ශාක හා ඒවාගේ නාමකරණය, වර්ගීකරණය, තිරසාර භාවිතය සහ සංරක්ෂණය පිළිබඳ යොමු කිරීම් වශයෙන් ඒ්වා භාවිත කළ හැකිය.
අපගේ ප්රමුඛ සේවාවන්
මිනිසා මෙන්ම සොබාදම ද දිනන ලොවක් උදෙසා
මෙම ඉලක්කය සපුරා ගනු වස්, සංරක්ෂණයේ පහත අංශ වෙත අවධානය යොමු කරන්නෙමු.

මල්වගාව
ක්ෂුද්‍ර ප්‍රචාරණ රසායනාගාරයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ ප්‍රථම ආයතනය ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව වේ.

අධ්‍යාපනය
අධ්‍යාපනය, පුහුණුව හා සන්නිවේදනය උද්භිද උද්‍යානයේ වැදගත් කර්තව්‍යයන් වේ.

පුහුණු අවස්ථා
අධ්‍යාපනය, පුහුණුව හා සන්නිවේදනය උද්භිද උද්‍යානයේ වැදගත් කර්තව්‍යයන් වේ.

ආචාර්ය ධම්මික පටබැඳි
පරිසර අමාත්‍ය

ඇන්ටන් ජයකොඩි
පරිසර නියෝජ්‍ය අමාත්‍ය

අපගේ දෙපාර්තමේනතුවේ
ආයතනික ව්‍යුහය
මෙම ඉලක්කය සපුරා ගනු වස්, සංරක්ෂණයේ පහත අංශ වෙත අවධානය යොමු කරන්නෙමු.
