En   ta

දුරකථන අංකය : (+94) 081 238 8654 

ඊ-මේල් ලිපිනය

deptnbg@gmail.com

විවතව තබන වේලාවන්

365 දින:7.30am to 6.00pm

අප ගැන

Who we are and what we do..

කාර්මික සංවර්ධනය, යුධ තත්ත්වයන්, වසංගත හා ස්වාභාවික මෙන්ම මිනිසා විසින් නිර්මාණය කරන ලද ව්‍යසන යනාදී බාධකයන්ට මුහුණදීමට සිදු වුවද, ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යානය සතුව අභිමානවත් දීර්ඝ ඉතිහාසයක් පවතියි. මෙම කාල පරිච්ඡේදය පුරාවටම උද්‍යාන සශ්‍රීක වීමත්, ශාක සංචිත වර්ධනය වීමත්, නව උද්‍යාන ස්ථාපිතවීමත් සිදුවී ඇති අතර, වර්තමානය වන විට උද්‍යානය ශ්‍රී ලංකාවේ සුවිශේෂී ජාතික සම්පතක් බවට පත්ව තිබේ.

තවද, ලොව නන්දෙසින් රැගෙන ආ ශාක නිදර්ශක මගින් ශාක රාජධානියේ විවිධත්වය සහ සුන්දරත්වය විදහා දක්වන මෙම උද්‍යාන, විවේකය සඳහා කදිම ස්ථානයක් වේ. දැනුම හා විශේෂඥභාවය හුවමාරු කර ගැනීමට ද, සංරක්ෂණය, ජෛවවිවිධත්වය, මල්වගාව පිළිබඳ ඉගෙන ගැනීමට ද, ස්වභාවධර්මයට ආදරය කිරීම ද එය මනා තෝතැන්නකි. උද්‍යානය මිනිසුන් උදෙසා පවතින්නකි; උද්‍යාන නැරඹීමට පැමිණෙන 5% ක පාසල් සිසුන්ට අමතරව, මිලියන 2කට අධික පිරිසක් වාර්ෂිකව උද්‍යාන නැරඹීම සඳහා පැමිණෙති.

img
img

Welcome to botanic Gardens Sri Lanka.

සියලුම උද්භිද උද්‍යාන, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් කළමනාකරණය කරමින් නඩත්තු කරයි. දෙපාර්තමේන්තුව යටතේ පවතින පැරණි උද්භිද උද්‍යාන කිහිපයක් 19 වැනි සියවසේ මුල් භාගයේදී ආරම්භ කර ඇත. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය (1821); හක්ගල උද්භිද උද්‍යානය (1861) සහ ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය (1876) යනාදිය බ්‍රිතාන්‍යයන් විසින් විදේශික ආර්ථික ශාක පිළිබඳ පර්යේෂණ කටයුතු සිදු කිරීමට සහ නිවර්තන කලාපීය ප්‍රදේශවල ශාක සම්පත පිළිබඳ ගවේෂණය කිරීමට පිහිටුවන ලදී.

ශ්‍රී ලංකාවේ ආර්ථික හා පාරිසරික සංවර්ධනයට දායක වන සියලු ප්‍රධාන ශාක වර්ග හඳුන්වාදීම, පර්යේෂණ කිරීම හා ශාක සංරක්ෂණය කිරීම ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේනතුවේ ආයතනික වගකීම වේ. පසුකාලීනව, වියළි කලාපීය ශාක විතැන් සංරක්ෂණය සඳහා උද්භිද උද්‍යානයක් (වසර 130කට පසු දේශීය විශේෂඥයින් විසින් සංවර්ධනය කරන ලද ප්‍රථම උද්භිද උද්‍යානය) හම්බන්තොට ප්‍රදේශයේ ද, තෙත් කලාපීය ශාක විතැන් සංරක්ෂණය සඳහා උද්භිද උද්‍යානයක් අවිස්සාවේල්ල ප්‍රදේශයේ ද ස්ථාපිත කරන ලදී. මෙම උද්භිද උද්‍යානවලට අමතරව, ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි සංරක්ෂණය, තිරසාර භාවිතය සහ කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා 1950 ගණන්වල ගනේවත්ත ප්‍රදේශයේ වන ඖෂධ උද්‍යානයක් ද පිහිටුවන ලදී.

The first botanic garden development by local experts after 130 years (3rd botanic garden was established in 1876 by British).

All the botanic gardens are working towards achieving the vision, to be the finest botanic garden in the tropics with providing opportunities for the public to study, sustainably conserve, and admire plant resources in natural and man made environment regional centers for plants life, and the national red list authority for plants. Current activities within the Department of National Botanic Gardens include: education and training high quality scientific research with contributions to biodiversity, ex-situ conservation and public education and addressing in-situ conservation measures; biodiversity, floriculture as well as it is responsible for the maintenance and development of the Botanic Gardens and its allied units.

අපගේ ප්‍රමුඛතා

මිනිසුන් මෙන්ම සොබාදහම ද දිනන ලොවකට

මෙම ඉලක්කය සපුරා ගනු වස්, සංරක්ෂණය හා සබැඳි මෙම අංග පිළිබඳ අප අවධානය යොමු කරන්නෙමු.

image

OUR MISSION - To provide opportunities for the public to study, sustainably conserve, and admire plant resources in natural and manmade environments.

OUR VISION - To become scientifically and aesthetically finest Botanic Gardens in the Tropics, while conserving plants and contributing to the economic growth of Sri Lanka.

Dr. Dammika Patabendi

Minister of Environment

Anton Jayakodi

Deputy Minister of Environment

Our Department

Organizational Structure

We work to meet this ambitious goal by focusing on these key areas of conservation.