
හක්ගල උද්භිද උද්‍යානය
ශ්‍රී ලංකාවේ සින්කෝනා වගාව අත්හදා බැලීම සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 1861 දී හක්ගල උද්භිද උද්‍යානය පිහිටුවන ලදී. මෙම උද්‍යානය නුවරඑළිය-බදුල්ල මාර්ගයේ කි.මි.9.5ක් පමණ දුරින් හක්ගල (හක්ගල යනු අලි හක්ක යන අදහසයි) ගල පාමුල පිහිටා පිහිටා ඇති මෙම උද්‍යානය නුවරඑළිය දිස්ත්‍රික්කයේ කන්ද උඩරට තේ වගාව හා ස්වභාවික වන රක්ෂිතවලට මැදිව පිහිටා ඇත.

උද්‍යානයේ පිහිටීම
මුහුදු මට්ටමේ සිට මීටර් 1745ක් පමණ උන්නතාංශයක පිහිටා ඇති හක්ගල උද්භිද උද්‍යානය, හෙක්ටයාර 28 ක් පමණ වන අතර, හක්ගල පර්වතය පාමුල පිහිටා ඇත(එනම් "අලි හක්ක පර්වතය"). මෙම දැවැන්ත පර්වතය උද්‍යාන සහ අවට වන රක්ෂිතය පිටුපසින් මීටර් 2,200ක් පමණ උසට නැඟී යෝධයෙකු මෙන් දිස්වේ. පර්වතයේ පහළ බෑවුම්වල ඇති ටෙරස් කිහිපයක හැඩය ඇති උද්‍යානය, ඌව නිම්නයට මුහුණ ලා ඇති අතර, ඒ හරහා මඩුල්සිම සහ නමුණුකුල කඳු වැටියේ මනස්කාන්ත දසුන් ඈතින් දැකගන්නට ලැබේ.
උද්‍යානයේ දේශගුණය උපනිවර්තන, සිසිල්, නැවුම් සහ ඇල්පයින් වායුගෝලයකට තරමක් සමාන ය. උෂ්ණත්වය සෙල්සියස් අංශක 3° සිට 15° අතර පරාසයක පවතින අතර වාර්තා වූ අඩුම අගය සෙල්සියස් අංශක 3° වේ. මෙම උද්‍යානයට මෝසම් දෙකකින් වර්ෂාපතනය ලැබේ. මැයි සිට අගෝස්තු දක්වා නිරිත මෝසමෙන් ද, ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා ඊසාන මෝසමෙන් ද වර්ෂාපතනය ලබමින්, මි.මී.2300 ක සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයක් ලබයි. ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ නිරිතදිග මෝසම් සුළං පවතින විට උද්‍යානය හරහා ඌව නිම්නය දෙසට දැඩි ශබ්දයක් නංවමින් තද සුළං හමා එයි. උද්‍යානය ඝන මීදුමෙන් වැසී යන විට, දහවල් සහ සන්ද්‍යා කාලයේ තද වැසි ඇද හැලෙයි. “නුවරඑළිය වසන්ත සමය” ලෙස නරඹන්නන් අතර ප්‍රසිද්ධියක් උසුලන මාර්තු මැද භාගයේ සිට අප්‍රේල් අවසානය දක්වා කාල පරිච්ඡේදය උද්‍යානය නැරඹීමට හොඳම කාලය වන අතර මෙම කාලය තුළ උද්‍යානයේ හොඳම රෝස මල් ඇතුළු අනෙකුත් සෞම්‍ය කලාපීය ශාකවල මල් පිපීම ආරම්භ වේ. උද්‍යානයේ ශාක විශේෂ උප නිවර්තන කලාපීය ශාක වන අතර අනෙකුත් උපනිවර්තන රටවල්වලින් හඳුන්වා දුන් ශාක සමඟ සම්මිශ්‍රණය වූ ශාක නියෝජනය කරන දේශීය කඳුකර ශාක, උද්‍යානයේ විවිධ ප්‍රදේශවල ක්‍රමානුකූලව රෝපණය කර ඇත.
නැරඹුම් ස්ථාන
ඔබට නැරඹිය හැකි ස්ථාන
උද්‍යානයේ සියලු මනස්කාන්ත ස්ථාන දැකබලා ගැනීමට උද්‍යාන පුරා ගමන් කරන ලෙස නරඹන්නන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.
4.5 VISITORS RATING
Trusted By 1000+ Visitors
- ප්‍රධාන පිවිසුම
- නව ප්‍රවේශපත් නිකුත් කිරීමේ කවුන්ටරය, බෑවුමේ ඇති මල් පාත්ති, සහ නරඹන්නන් වහා ආකර්ශනය කර ගැනීමට සමත් “හක්ගල” යන වචන සහිත වානේ හා ගල්කැටවලින් නිමවා ඇති පුවරුව ප්‍රධාන පිවිසුමේදී දක්නට ලැබේ. ප්‍රධාන පිවිසුම දෙපස වර්ණවත් මල් හා විසිතුරු පැළ රෝපණය කර ඇත.
- මැද පොකුණ සහ බල්බ උයන
- ප්‍රධාන පිවිසුමේ සිට ආරම්භ වන අඩි පාර කහ පැහැති water lilies වගා කර ඇති පොකුණට දක්වා දිවෙයි. Bunya Bunya Pine (Araucaria bidwilli), Eugenia cunninghamii සහ ශ්‍රී ලංකාවේ දේශීය ශාකයක් වන Mihiriya (Gordonia axillaris) යන ශාක මැද පොකුණ වටා රෝපණය කර ඇත. 1924 දී විවෘත කරන ලද බල්බ උයන වෙත වම් පස ඇති අඩි පාර දිවෙයි. එහි Lilium, Watsonia, Gladiolus, Agapanthus සහ Zephyranthes එකතුවක් ඇති අතර ඒවායින් බොහොමයක් ඕලන්දයෙන් සහ ජපානයෙන් හඳුන්වා දෙන ලද ශාක විශේෂ වේ.
- පහළ මල් උද්‍යානය
- උද්‍යානයට අලංකාරයක් එක් කරන වාර්ෂික මල් රාශියක් ප්‍රදර්ශනය කෙරේ. flame bush, (Streptosolen jamesoni) Cestrum elegans, Poinsetia pulcherrima සහ Fuchcia වැනි ශාක වර්ග බොහොමයක් කඩාහැලෙන මනහර මල් ගොමු, ඔසු පැළ මායිමේ දක්නට ලැබේ. උද්‍යානය වටා කපුරු ශාක ද රෝපණය කර ඇත. (Cinnamomum camphora) චීනයෙන්, ක්වීන්ස්ලන්ත box tree ( Tristania conferata) ශාකය ඕස්ට්‍රේලියාවෙන්, Japanese silkworm Oak (Quercus serrata) ජපානයෙන්, southern Magnolia (Magnolia grandiflora) ෆ්ලොරීඩාවෙන්, සුවඳැති මල් සහිත ඖෂධීය ශාකයක් වන මදනකාම (Michelia fuscata) චීනයෙන්, පඳුරු ලෙස සැදෙන Senegal Data Palm, (Phoenix reclinata) ශාක දැකිය හැකියි. තද රතු පාටින් පිපෙන ස්වදේශික Rhododendron නැතහොත් මහරත් මල් (Rhododendron arboreum ssp zeylanicum) නරඹන්නන් මඟනොහැරම නැරඹිය යුතු මනස්කාන්ත මල් විශේෂයකි. උද්‍යානයේ පුරෝගාමී භාරකරුවෙකු වූ ජේ.කේ නොක් මහතා සිහිවීම සඳහා 1910 දී ඉදිකළ ගිම්හාන ගෘහයක් පහළ මල් උද්‍යානයේ දක්නට ලැබේ.
- රෝස උද්‍යානය
- උද්භිද උද්‍යාන ශාක එකතූන් සඳහා දේශීයව විශාල ඇගයීමක් ඇති අතර, එංගලන්තයෙන් සහ ඇමරිකාවෙන් ආනයනය කරන ලද නවීන රෝස වර්ග, මට්ටම් දෙකක භූමියක පිහිටුවා ඇති රෝස උද්‍යානයේ වගා කර ඇත. රෝස උයනට පිටුපසින් ඔසු පැළ බෝඩරයක් දක්නට ලැබේ.
- ග්ලාස් හවුස්
- පිටවීමේ මාර්ගය පසෙකින් ගෘහස්ථ ශාක සංරක්ෂණය සඳහා ගබඩාවක් වශයෙන් අලුතින් ස්ථාපිත හරිතාගාරය පිහිටා ඇත. මෙහි බිගෝනියා, Peperomias, Afican violet හි පිපෙන මල් නිදර්ශක ප්‍රදර්ශනය කරයි. Primula, Gloxinia, Streptocarpus, Pelargonium සහ බොහෝ පතොක් සහ මාංශල ශාක වර්ගවල නිදර්ශක ද ප්‍රදර්ශනය කෙරේ.
- ඉහළ මල් උද්‍යානය
- ඉහළ මල් උද්‍යානය වාර්ෂිකව පිපෙන මල් ප්‍රදර්ශනය කරන අතර, එයට ඔසු පැළ සහ කුඩා මල් සහිත රෝස මල් එකතුවක් ද ඇතුළත් වේ. මෙක්සිකෝවෙහි Montezume pine (Pinus montezumae) සහ නිව් සවුත් වේල්ස්හි Hoope pine (Araucaria cunninghamii) උද්‍යානය දෙපස සිටුවා ඇත. දම්පාට මල් සහිත Jacaranda පේළියක් (Jacaranda ovualifo) පහළින් දක්නට ඇත. යෝධ Monterey cypress ශාක සහ Japanese cedar (Cryptomeria japonica), මල් වත්ත වටා රෝපණය කර ඇත. වනසපු ගසක (Michelia nilagirica) වැඩෙන තද කොළ පැහැති සහ ගැඹුරු පත්‍ර සහිත දද කෙසෙල් (Rhaphidophora decursiva) දැකිය හැකිය.
- මීවන
- රෑස්ස ගස්වලින් සෙවණ ලද සිසිල් දේශගුණයක් ඇති අතර, ලයිකන සහ පාසි ප්‍රදේශය පුරා පැතිරී ඇත. ශ්‍රී ලංකාවේ wooly tree ferns මගින් මීවනවලට මනා හැඩයක් ලබා දෙයි. මෙහි දේශීය කඳුකරයේ මීවන ශාක එකතුවක් ද ඇත.
- වන උයන
- වන උයනේ විශාල දේශීය, විදේශීය සහ ආවේණික ශාක එකතුවක් තිබේ. ආවේණික ශාක විශේෂ Elaeocarpus montanus, Polyspora ceylanica, Calophyllum walkeri, Syzygium assimile, Neolitsea fuscata, Actinodaphne speciosa, Semecarpus coriacea, Scolopia crassipes යනාදියයි
- පිටවීමේ මාර්ගය හා බෝඩරය
- පිටවීමේ මාර්ගයට යාබදව වම්පසින් තණකොළ හොඳින් නඩත්තු කරන ලද මල් මිශ්‍රිත බෝඩරයක් දක්නට ලැබේ. ඊට විරුද්ධ පසින් කැලිෆෝනියාවේ සයිප්රස්වලින් (Hesperocyparis macrocarpa) සමන්විත බඩවැටියක් දක්නට ලැබේ. ඕස්ට්‍රේලියාවේ රිදී පත්‍ර සහිත නිව් සවුත් වේල්ස් ටර්පන්ටයින් ගසේ (Syncarpia glomulifera) යෝධ නිදර්ශක දෙකක් සයිප්‍රස් වැටියෙන් ඔබ්බට රෝපණය කර තිබෙනු දක්නට ලැබේ. ප්‍රධාන මායිමට පිටුපසින් තණකොළ බෑවුමේ උස පඳුරු ලෙස ඇසේලියා (Rhododendron indicum) සහ කැමේලියා (Camellia japonica) වර්ග කිහිපයක් පෙනේ. සිහින් පත්‍ර සහිත බොටල් බුෂ් (Callistemon lanceolatus) මල් මායිම දිගේ විසිරී ඇත.
7.30 AM - 6.00 PM
Opening Hours
7.30 AM - 5.00 PM
Ticketing Hours
365 Days
Open
විදෙස් නරඹන්නන් සඳහා
ප්‍රවේශපත්‍ර ගාස්තු
ශ්‍රී ලංකාවේ මනස්කාන්ත ශාක ලෝකය ගවේෂණය කරන්න ඔබත් එන්න.
විදේශික වැඩිහිටියෙකු සඳහා
(අවුරුදු 12ට වැඩි)
රුපියල්3,540/=/ ප්‍රවේශපත්‍රය
- Great explorer of the truth, the master-builder.
විදේශික ශිෂ්‍යයෙකු සඳහා
(සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි)
රුපියල්2,360/=/ ප්‍රවේශපත්‍රය
- Great explorer of the truth, the master-builder.
විදේශික ළමුන් සඳහා
(අවුරුදු 5-12 අතර)
රුපියල්1,770/=/ ප්‍රවේශපත්‍රය
- Great explorer of the truth, the master-builder.