ජාතික ශාකාගාරය
ශ්‍රී ලංකාවේ ශාක සත්‍යාපනය සඳහා වගකිව යුතු ප්‍රධාන ජාතික ආයතනය වන්නේ ජාතික ශාකාගාරයයි. ශ්‍රී ලංකාවේ ශාක ගවේෂණය සහ වර්ගීකරණය විමර්ශනය කිරීම සඳහා ජාතික ශාකාගාරය ක්‍රියාකාරීව සම්බන්ධ වේ.

ශ්‍රී ලංකාවේ මල් සම්පත ලේඛනගත කිරීම පිළීබඳ වගකිව යුතු ආයතනයයි. ශාක පිළිබඳ තොරතුරු සමීක්ෂණය කිරීම, ඉන්වෙන්ටරිගත කිරීම සහ බෙදා හැරීම මගින් ජාතික ආර්ථිකයේ සංවර්ධනය කෙරෙහි සැළකිය යුතු දායකත්වයක් සපයයි. ජාතික ශාකාගාරය දෙස් විදෙස් පර්යේෂකයන්ට ශාක වර්ගීකරණයට අදාළ පර්යේෂණ සිදු කිරීමට පහසුකම් සපයන අතර ශාක නිවැරදිව හඳුනා ගැනීමට ද සහාය වේ. ජාතික ශාකාගාරය ලෝකයේ අනෙකුත් කීර්තිමත් ශාකාගාර සහ පර්යේෂණ ආයතන සමඟ දැනුම සහ නිදර්ශක හුවමාරු කර ගැනීමේ නිරත වේ. වර්තමානයේ ජාතික ශාකාගාරයේ විද්‍යාඥයින් පහළ ශාක විවිධත්වය අධ්‍යයනය කිරීම සහ ශ්‍රී ලංකාවේ තර්ජනයට ලක් වූ ශාක විශේෂ ඉලක්ක කර ගනිමින් උද්භිද විද්‍යාත්මක සමීක්ෂණ සිදු කිරීමෙහි නිරත වේ.
Inauguration of the BG-Base
Inauguration of the BG-Base in Department of National Botanical Gardens, Sri Lanka
ඉතිහාසය
ශ්‍රී ලංකා ජාතික ශාකාගාරය, පේරාදෙණිය
පේරාදෙණිය ශාකාගාරයේ වියළි ශාක එකතුව ආරම්භ වූයේ 1818 සිට 1825 දක්වා උද්භිද උද්‍යාන අධිකාරී ලෙස කටයුතු කළ “A Catalogue of the Indigenous and Exotic Plants Growing in Ceylon” (1824) නම් ග්‍රන්ථ කර්තෘ ඇලෙක්සැන්ඩර් මූන් මහතාගේ එකතූන් වලිනි. මූන් විසින් එකතු කරන ලද නිදර්ශක එකතුවේ බොහෝමයක් වර්තමානය වන විට ඇත්තේ එංගලන්තයේ කිව් ශාකාගාරයේය. ඔහු එකතු කළ නිදර්ශක කිහිපයක් පමණක් ඵ්ඪැ හි ඉතිරිව ඇත. ඔහුගේ ආසන්න අනුප්‍රාප්තිකයින් ශාකාගාරයට සැලකිය යුතු එකතු කිරීම් සිදු කළ නමුත් ඒවා එතරම් ප්‍රයෝජනවත් නොවීය. 1820 අගභාගයේදී ඉන්දියාවේ මදුරාසියේ ස්ථානගත කර සිටි උද්භිද විද්‍යාඥයෙකු වූ රොබට් වයිට් වෙත බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් ස්ටුවර්ට් මැකෙන්සි විසින් ඉල්ලීමක් කරමින් මූන්ගේ නාමාවලිය වෙනුවට ශ්‍රී ලාංකික ශාකවල නව නාමාවලියක් සම්පාදනය කරන ලෙසද, එම නිදර්ශක නම් කරන ලෙසද ඉල්ලා සිටියේය. එහෙත් එය අසතුටුදායක සහ අසම්පූර්ණ මටට්මක ඇති බව සොයා ගන්නා ලදී. එකතුව වයිට් වෙත යවන ලද නමුත්, නාමාවලියක් සම්පාදනය කිරීම සඳහා එය ප්‍රමාණවත් නොවන බව ඔහුට පෙනී ගියේය. ගාඩ්නර් ශ්‍රී ලංකාවේ බොහෝ නිදර්ශක එකතු කළ නමුත් ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ ශාකාගාරයෙන් වැඩි ප්‍රමාණයක් එංගලන්තයේ ලන්ඩන්හි බ්‍රිතාන්‍ය කෞතුකාගාරය විසින් මිලදී ගන්නා ලද අතර ඒවා දැන් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ සහ කිව්හි ඇත. 1849දී ගාඩ්නර්ගෙන් පසු උද්‍යාන අධිකාරී ලෙස ජී.එච්.කේ. ත්වේට්ස් මහතා පත් විය ඔහුගේ සහායකයින් සමග එක්ව ත්වේට්ස් මහතා නිදර්ශක එක් කිරීම් කාර්යක්ෂමව සිදු කළ අතර, 1853 වන විට ශාකාගාරයේ අනුපිටපත් නිදර්ශක සංඛ්‍යාව 6000 කට වඩා වැඩි විය. මේවායින් ඔහු "ලංකා ශාක" නිදර්ශක, එනම් C.P. ශ්‍රේණි කට්ටල කිහිපයක් සෑදුවේය. PDA හි කට්ටලයක් තබා ගනිමින්, ඔහු අනෙක් කට්ටලයක් විදේශ රටවල ප්‍රධාන ශාකාගාර වෙත යැවූ අතර ඒවා සඳහා ඔහුට එම රටවල නිදර්ශක ලැබිණි. ඔහු නිදර්ශක කිහිපයක් විකුණා එයින් ලැබෙන ආදායම ශාකාගාර පුස්තකාලය සඳහා පොත් සහ සඟරා මිලදී ගැනීමට භාවිතා කළේය. ත්වේට්ස් මහතාගේ “Enumeration Plantarum Zeylaniae” කෘතිය C.P. ශ්‍රේණියට පදනම විය. ශ්‍රේණියේ 1 සිට 3859 දක්වා අංක, කෘතියේ පිටු අංකයට යොමුව 451 සිට 468 දක්වා පිටුවලට ලැයිස්තුගත කර ඇත.

PDA හි C.P. ශ්‍රේණියේ බොහෝ නිදර්ශකවල ලේබල් නැත. කෙසේ වෙතත්, සමහර පත්‍රවල, නිදර්ශක එකතු කළ තැනැත්තාගේ නම, බොහෝ විට ගාර්ඩ්නර් මහතාගේ නම, පැන්සලෙන් ලියා ඇති නමුත් නම, එකතු කිරීමේ ස්ථානය සහ දිනය යන සියල්ලම ලියා ඇත්තේ පැන්සලෙන් නිසා දැන් ඒවා කියවීමට අපහසු තත්ත්වයට පත්ව ඇත. ශාකාගාරයේ මුල් අවධියේදී නිදර්ශක එකතු කළ කිහිප දෙනෙකුගේ නම් සමහර පත්‍රවල දැකගත හැකිය. බ්‍රිතාන්‍ය හමුදා ආයතනයේ කර්නල්, පසුව ජනරාල්වරයකු වූ J.T. වෝකර් සහ ඔහුගේ බිරිඳ 1830 සිට 1840 දක්වා ශ්‍රී ලංකාවේ නිදර්ශක එකතු කරන ලදී. ඔවුන් එකතු කළ නිදර්ශක කිහිපයක් පේරාදෙණියේ ඇති නමුත් බොහෝ ඒවා කිව්හි කෞතුකාගාරයේ පවතියි. ඔවුන් විසින් එකතු කරන ලද නව විශේෂ G.A. වෝකර් - ආර්නොට් විසින් “Pugillus Plantarum Indiae Orientalis” (1836) කෘතියෙහි සහ W.J. හුකර්, වයිට් සහ තවත් තැනැත්තන් විසින් ප්‍රකාශයට පත් කර ඇත.
Wight collected in Sri Lanka with the Walkers in 1836. William Ferguson, a British civil engineer, lived in Sri Lanka from 1839 to 1887. He was an enthusiastic botanist and collector and an number of his specimens are at PDA. George Wall, a businessman and author of two pamphlets ” A Catalogue of Ferns Indigenous to Ceylon” (1873) and ” A Checklist of Ceylon Ferns” (1879) was in Sri Lanka from 1846 to 1894. His collections were mainly of ferns of which many are now at PDA. Henry Trimen, author of “A Handbook to the Flora of Ceylon” (1896 – 1900) was Director of the Botanic Gardens from 1880 to 1896. Many collections were added to the Herbarium during this period, but Trimen’s or other collectors’ name is rarely seen on the sheets. The tradition of omitting the name of the collector was being continued. Trimen’s successors, particularly J.C. Willis (Director, 1896-1911) and the Government Systematic Botanists A.H.G. Alston, K.L.D. Amaratunga (1961-1985 ) and A.H.M. Jayasuriya ( 1985-1996) added a large number of specimens to the collection. T.B. Worthington, the author of the book “Ceylon Tree” (1959) left his herbarium to Kew and out of it Kew gave on loan many of his duplicates to Peradeniya. Botanists working for the Flora of Ceylon Revision Projects supported by the Smithsonian Institution (1969 – 1979) (the Smithsonian also supported an Ecological Project) and by the British ODA (1988 – 1997) made very substantial contributions to the Herbarium. The Smithsonian supported projects added nearly 40,000 specimens and the ODA – supported project nearly 20,000. In addition, botanists participating in the projects annotated the specimens with their updated names. The total number of specimens at PDA at present is about 160,000.
සේවාවන්
ක්‍රමානුකූලව සිදු කරන පර්යේශණ කටයුතුවලට අමතරව, ජාතික ශාකාගාරය විසින් මහජනතාවට පහත සේවාවන් සපයයි:
- ශාක හඳුනාගැනීමේ සහ තොරතුරු සැපයුම් සේවාව.
ශාක හඳුනාගැනීමේ ජාතික ආයතනයක් ලෙස කටයුතු කරයි.
නීතිමය කරුණු උද්ගත වූ විට අධිකරණ නඩු කටයුතු වෙනුවෙන් ශාක හඳුනාගැනීම සඳහා විශේෂයෙන් මැදිහත් වන අතර, ශාක ද්‍රව්‍ය ආනයනය හා අපනයනය කිරීමේදී ශාක නිවැරදිව හඳුනා ගැනීම සඳහා ජාතික ශාක නිරෝධායනය සහ රේගුව වෙනුවෙන් සේවාවන් ලබා දෙයි.
- ශාක සත්‍යාපනය කිරීම සහ නිදර්ශක සංරක්ෂණය කිරීම
- ශාක ගවේෂණය - සමීක්ෂණය, ශාක නිදර්ශක එකතු කිරීම සහ ශාක ආශ්‍රිත තොරතුරු රැස් කිරීම
- රටට සම්පතක් වන මල් ලේඛනගත කිරීම සහ ඒවා පිළිබඳ ප්‍රකාශන සකස් කිරීම.
ප්‍රකාශන සකස් කිරීම;
ජාතික ශාක (ශ්‍රී ලංකාවේ ශාක වෙළුම I සිට XV දක්වා).
ප්‍රාදේශිය සහ දිස්ත්‍රික් වශයෙන් ශාක.
ක්ෂේත්‍ර මාර්ගෝපදේශ.
පොත්, පිරික්සුම් ලැයිස්තු.
ශාකාගාර ශිල්පීය ක්‍රම, ඖෂධීය ශාක, තර්ජනයට ලක්ව ඇති ශාක සහ පහළ ශාක පිළිබඳ අත් පත්‍රිකා.
- ශ්‍රී ලංකාවේ ජාතික රතු ලැයිස්තුව සකස් කිරීමට සම්බන්ධ වීම.
- ඉගැන්වීම
විශ්වවිද්‍යාල, පාසල් ළමුන්, අනෙකුත් අදාළ ආයතන සහ අදාළ විෂයයන්හි නියැලී සිටින තැනැත්තන් සඳහා අධ්‍යාපන වැඩසටහන්; දේශන, වැඩමුළු, දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ක්ෂේත්‍ර ගවේෂණ අධ්‍යයන පැවැත්වීම, ඒ යටතේ;
ශාක හඳුනාගැනීම.
ශාකාගාර ශිල්පීය ක්‍රම.
ජෛව විවිධත්වය සහ සංරක්ෂණය.
ඖෂධීය ශාක.
පහළ ශාක ආදිය.
මල් පිපෙන ශාක, පර්ණාංග, බීජානුශාක, ලයිකන ආදී ශාක කණ්ඩායම් හඳුනා ගැනීම සඳහා විශේෂඥ සහාය ලබා දීම;
- තොරතුරු සහ ද්‍රව්‍ය හුවමාරුව
- උද්භිද විද්‍යාඥයින් සහ අනෙකුත් වෘත්තිකයන් සඳහා පුස්තකාල පහසුකම් සැපයීම.
ශාකාගාරයට පැමිණෙන අමුත්තන් සඳහා රෙගුලාසි
විවෘතව පවතින වේලාවන්: වැඩ කරන දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා, ඇතුළුවීම සඳහා කලින් වේලාවක් වෙන්කර ගත යුතුයි.
- රැගෙන එන ශාක නිදර්ශක ශාකාගාරය වෙත රැගෙන යාමට පෙර අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, උද්භිද විද්‍යාඥ / පාලක හෝ බලයලත් නිලධාරියා වෙත පරීක්ෂා කිරීම සඳහා යොමු කළ යුතුය.
- නැවුම් ශාක ද්‍රව්‍ය රැගෙන ඒම තහනම්ය.
- පරීක්ෂා කිරීමේදී ශාකාගාර නිදර්ශක අතිශයින්ම සුපරික්ෂාකාරී ලෙස හැසිරවිය යුතු අතර පහත සඳහන් උපදෙස් දැඩි ලෙස පිළිපැදිය යුතුය,
- ඒවා පොතක පිටු මෙන් පෙරළා නොදැමිය යුතුය.
- නිදර්ශක මත බරැති වස්තු හෝ පොත් නොතැබිය යුතු අතර නිදර්ශකයේ මුහුණ පහතට සිටින පරිදි නොතැබිය යුතුය.
- නිදර්ශකයක කිසිදු කොටසක් ඉවත් නොකළ යුතුය.
- ශාකාගාර පත්‍රයේ හෝ ලේබලයේ ලිවීම හෝ සලකුණු කිරීම නොකළ යුතුය.
- ගොනු කවර ඇතුළත නිදර්ශක පිළිවෙලට තැබිය.
- ලිපිගොනු සහ ෆෝල්ඩර ඉවත් කරන විට සහ නැවත අල්මාරිවල තබන විට පිළිවල පිළිබඳ සැළකිලිමත් වන්න.
- භාවිතා කිරීමෙන් පසු අල්මාරි නිසි පරිදි වසා වග බලා ගන්න.
- ශාකාගාර පත්‍ර හෝ ෆෝල්ඩර ශාකාගාරයෙන් ඉවත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම්ය.
- ඡායාරූප ගැනීම සඳහා කැමරා සහ අනෙකුත් විදුලි උපකරණ රැගෙන ඒම සඳහා විශේෂ අවසරය ලබා ගත යුතුය.
- ඉහත සඳහන් ශාකාගාර රෙගුලාසි බලාත්මක කිරීමට ශාකාගාර කාර්ය මණ්ඩල සාමාජිකයින් සතුව බලය තිබේ.
තොරතුරු මූලාශ්‍ර
වියළි ශාක එකතුව
ඇන්ජියෝස්පර්ම්, ජිම්නාස්පර්ම්, මීවන, බ්‍රයෝෆයිට්, ලයිකන සහ ඇල්ගීවල වියළි ශාක නිදර්ශක 160,000 ක් පමණ අඩංගු දැනට පවතින ප්‍රධාන ශාක ගබඩාව මෙය වන අතර එහි වර්ග 450 ක් පමණ ඇතුළත් වේ. මෙම නිදර්ශකවලින් සමහරක් අවුරුදු 180ක් පමණ පැරණි, වටිනා ඓතිහාසික තොරතුරුවලින් සමන්විත වේ. මෙම නිදර්ශකවලින් සමහරක් අවුරුදු 180ක් පමණ පැරණි, වටිනා ඓතිහාසික තොරතුරුවලින් සමන්විත වේ. විශේෂ විස්තර කිරීමේදී මුලිම භාවිතා කරන ලද නිදර්ශක 450 කට වැඩි ප්‍රමාණයක් ශාකාගාරයේ අඩංගු වන අතර ඉන් සමහර නිදර්ශක අවුරුදු 150 කට වඩා පැරණි ය.
සම්භාව්‍ය ශාකාගාර එකතුව.
නව ශාකාගාර එකතුව.
පුස්තකාලය
වර්ගීකරණය පිළිබඳ පොත් 3000කට ආසන්න පොත් එකතුවක් සහ ශ්‍රී ලංකා උද්භිද විද්‍යා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන සනිටුහන් කරන වටිනා උද්භිද විද්‍යාත්මක නිදර්ශන එකතුවක් ද මෙහි ඇත.
උපබද්ධ එකතුව
උද්භිද විද්‍යාත්මක වර්ණ නිදර්ශන.
අල, පලතුරු සහ බීජ එකතුව.
ඡායාරූප.
දැව ව්‍යුහ විද්‍යා ස්ලයිඩ් ආදිය.
Contact us for more details
(+94) 081 238 8053