විසිතුරු පත්‍රික ශාක ඒකකය

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ විසිතුරු පත්‍රික ශාක ඒකකය සතුව ශ්‍රී ලංකාවේ විවිධ දේශගුණික කලාපවලට අයත් විශාල විසිතුරු පත්‍රික ශාක එකතුවක් පවතියි. මෙම ඒකකය සතුව Gymnostachium ceylanicum සහ Acrotrema walkari වැනි දුර්ලභ ආවේණික ශාක විශේෂ මෙන්ම දේශීය (ආයුර්වේද) වෛද්‍ය ක්‍රමය යටතේ රෝග සුව කිරීම් සඳහා වගා කරන ලද පත්‍රික ශාක ද ඇතුළු විශිෂ්ට පත්‍රික ශාක එකතුවක් පවතියි. විදේශීය ශාක එකතුවට නිවර්තන හා උපනිවර්තන කලාප දෙකටම අයත් ශාක ඇතුළත්ය.

මෙම ඒකකයේ විශාල සෙවණ ගෘහ තුනක්, ග්ලාස් හවුස් සහ ප්‍රදර්ශන ගෘහ දෙකක් ඇත. ප්‍රදර්ශන ගෘහවලින් එකක් දෙස් විදෙස් ශාක පත්‍ර සඳහා වන අතර අනෙක පතොක් හා මාංශල ශාක සඳහා වෙන් කර ඇත. දිවයිනේ අර්ධ ශුෂ්ක කලාපවලින් හා ලෝකයේ විවිධ කාන්තාරවලින් රැගෙන ආ පතොක් හා මාංශල ශාක මෙහි ප්‍රදර්ශනය කර තිබේ. ඔබ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට ගිය විට අපගේ විසිතුරු පත්‍රික ශාක ගෘහ නැරඹීමට අමතක නොකරන්න.

මෙම ඒකකයෙහි ශාක වාණිජ අරමුණු සඳහා ප්‍රචාරණය කර ඇති අතර වගාකරුවන්, සිසුන් සහ මහජනතාව සඳහා පුහුණු වැඩසටහන් ද නිතිපතා පවත්වනු ලබයි.

වැඩි විස්තර සඳහා අමතන්න

(+94) 081 238 8238