හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය

ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය ශ්‍රී ලංකාවට රබර් හඳුන්වා දීම සඳහා 1876දී ආරම්භ කරන ලද අතර එය උද්භිද විද්‍යාත්මක හා උද්‍යාන විද්‍යාත්මක වශයෙන් ආකර්ෂණීය ස්ථාන රාශියකට හිමිකම් කියන, පොහොසත් ඉතිහාසයක් ඇති උද්‍යානයකි. ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය සතුව හෙක්ටයාර 17.4 ක භූමි ප්‍රමාණයක් තිබේ. ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් රටවල ශාක විශේෂ 2000 ක පමණ වැදගත් ශාක එකතුවක් මෙම උද්‍යානය සතු වේ.

උද්‍යානයේ පිහිටීම

ගම්පහ-මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඇති ගම්පහ දුම්රිය ස්ථානයේ සිට මීටර් 450ක් පමණ දුරින් මෙම උද්‍යානය පිහිටා ඇත. කොළඹ සිට උද්‍යානයට ඇති දුර කිලෝමීටර 30ක් පමණ වේ. උද්‍යානය මුහුදු මට්ටමේ සිට අඩි 33ක් පමණ උසින් පිහිටා ඇති අතර පහතරට නිවර්තන දේශගුණයක් ඇත. උද්‍යානයේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 17.4කි.

හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවට රබර් හඳුන්වාදීම සඳහා 1876 දී ආරම්භ කරන ලද අතර මෙම උද්‍යානය උද්භිද විද්‍යාත්මක හා උද්‍යාන විද්‍යාත්මක වශයෙන් ආකර්ෂණීය ස්ථාන රාශියකින් සමන්විත වේ. ඓතිහාසික වැදගත්කමක් ඇති පුරාවිද්‍යා ස්ථානයක් ලෙස සංරක්ෂණය කර ඇති පැරණි හෙනරත්ගොඩ දුම්රිය ස්ථානය අදටත් දැකිය හැකිය. එකළ රබර් පර්යේෂණ සඳහා දුම්රියෙන් පැමිණෙන විදේශීය විද්‍යාඥයින්ට නවාතැන් ගැනීම සඳහා මෙම ස්ථානය නිර්මාණය කර ඇත.

එකළ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍යයන්ට ආර්ථික බෝගයක් ලෙස රබර් වගාව ව්‍යාප්ත කිරීමට අවශ්‍ය විය. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ආචාර්ය ජී.එච්.කේ. ත්වයිට්ස් ඒ සඳහා සුදුසු භූමියක් පිළිබඳව විමසිලිමත් වී ඇත. දකුණු ඇමරිකාවට ආවේණික ශාකයක් වන රබර් ශාකය, පර්යේෂණ මට්ටමින් ආරම්භ කිරීමට හොඳම ස්ථානය හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය බවට ත්වයිට්ස් මහතා තීරණය කළේය. 1876 දී, බ්‍රිතාන්‍යයන් විසින් රබර් වගාව සඳහා ඉඩම එළි පෙහෙළි කර, 1879 දී, කිව් හි රාජකීය උද්භිද උද්‍යානයෙන් ගෙන එන ලද රබර් බීජ මෙහි සිටුවනු ලැබීය. රබර් වගාව උද්‍යානයේ පළමු භාරකරු වූ මුහන්දිරම් ඒ ද සොයිසා මහතා වෙත භාර දෙන ලදී. රබර් ශාක 1881 වන විට දළලමින් පැළ වූ අතර, ඊළඟ වසරේ සිට එහි බීජ සිටුවීම සඳහා දිවයිනේ විවිධ ස්ථාන වෙත සහ බ්‍රිතාන්‍ය යටත් විජිත කිහිපයක් වෙත රැගෙන යන ලදී.

ගම්පහ උද්‍යානයේ රෝපණය කරන ලද පළමු රබර් ශාකය මුල් අවධියේදීම මිය ගියේය. දෙවන රබර් ශාකය 1988 දී සුළි කුණාටුව තත්ත්වයක් නිසා විනාශ විය. එනමුත් වර්තමානය වන විටත්, ශ්‍රී ලංකාවේ විශාලතම රබර් ශාකය තිබෙන්නේ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයෙහි ය. එහි උස මීටර් 40 ක් හා වට ප්‍රමාණය මීටර් 5.7කි. පසුව උද්‍යානය දිවයිනේ ප්‍රධාන උද්භිද උද්‍යානයක් ලෙස සංවර්ධනය කරන ලද අතර, මෙම උද්‍යානයේ පළමු රබර් ශාකයේ නටබුන් හා 19 වන සියවසේ රෝපණය කළ ශාක කිහිපයක් දක්නට ඇත. මෙම උද්‍යානයේ ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් රටවලට ආවේණික ශාක විශේෂ 2000ක පමණ අනර්ඝ ශාක එකතුවකින් සමන්විත වේ..

Location MAP

How to see the garden

A map showing the most important places is enclosed in this folder.

Locations

What you can see

visitors are advised to walk round the gardens if they wish to explore the many beautiful places in this very compact garden.

4.5 VISITORS RATING

Trusted By 1000+ Visitors

ප්‍රධාන පිවිසුම
ප්‍රධාන පිවිසුම ඇතුළත වම් පසට වන්නට හොඳින් නඩත්තු කරන ලද මිශ්‍ර මල් බෝඩරයක් දක්නට ලැබේ. කැලිෆෝනියාවේ Monterey cypress (Cupressus macrocarpa) වලින් සාදන ලද සියුම් වැටක් මල් බෝඩරයට විරුද්ධ පසින් ලෙස දක්නට ලැබේ. රිදී පත්‍ර සහිත ඔස්ට්‍රේලියාවේ New South Wales Turpentine ශාකවල (Syncarpia glomulifera) යෝධ නිදර්ශක දෙකක් සයිප්‍රස් වැටියෙන් ඔබ්බට රෝපණය කර තිබෙනු දක්නට ලැබේ. Azalea (Rhododendron indicum) සහ සාමාන්‍ය Camellia (Camellia japonica) වර්ග කිහිපයක් ප්‍රධාන මායිමට පිටුපසින් තණකොළ සහිත බෑවුම් ප්‍රදේශයේ දක්නට ලැබේ. විශාල bottle brush පඳුරු (Callistemon lanceolatus) මල් මායිම දිගේ විසිරී ඇත.
මධ්‍යම පොකුණ සහ බල්බ උද්‍යානය
ප්‍රධාන මාර්ගයේ සිට අඩි පාරක් කහ පැහැති ලිලී මල් රෝපණය කර ඇති මධ්‍යම පොකුණ දක්වා දිවයයි. Bunya Bunya Pine (Araucaria bidwilli), Eugenia cunninghamii සහ ශ්‍රී ලංකාවේ දේශීය ගසක් වන Mihiriya (Gordonia axillaris) යන ශාක මධ්‍යම පොකුණ අවට රෝපණය කර ඇත. වම් පස ඇති අඩි පාර 1924 දී විවෘත කරන ලද බල්බ උද්‍යානය වෙත දිවයයි. එහි Lilium, Watsonia, Gladiolus, Agapanthus සහ Zephyranthes එකතුවක් ඇති අතර ඒවායින් බොහොමයක් ඕලන්දයෙන් සහ ජපානයෙන් හඳුන්වා දුන් ශාක වේ.
පහළ මල් වත්ත
උද්‍යානයට අලංකාරයක් එක් කරන වාර්ෂික මල් පිපෙන the flame bush, (Streptosolen jamesoni) Cestrum elegans, Poinsetia pulcherrima සහ විවිධ fuchcia ශාක එකතුවක් පහළ මල් වත්තෙහි ඇති අතර ඒවාගේ එල්ලා වැටෙන ලස්සන මල් පොකුරු, ඔසු මායිම දිගේ දක්නට ලැබේ. මල් වත්ත වටා දැකුම්කළු කපුරු ශාක ද තිබේ.

(Cinnamomum camphora) චීනයෙන්, Queensland box tree (Tristania conferata) ඕස්ට්‍රේලියාවෙන්, silkworm Oak tree (Quercus serrata) ජපානයෙන්, the southern Magnolia (Magnolia Grandiflora) ෆ්ලොරීඩාවෙන්, සුවඳැති මල් සහිත ඖෂධීය ශාකයක් වන Madanakama චීනයෙන්, Senegal Data Palm (Phoenix reclinata) ආදී ශාක මෙහි තිබේ. තද රතු පැහැති මල් පිපෙන ස්වදේශික Rhododendron හෝ මහරත් මල්, (Rhododendron arboreum ssp zeylanicum) නැරඹීම නරඹන්නන් විසින් මඟනොහළ යුතු ය. උද්‍යානයේ පුරෝගාමී භාරකරුවෙකු වන ජේ.කේ.නොක් මහතා සිහිවීම පිණිස, එතුමන්ගේ ස්මාරකයක් ලෙස 1910 දී ඉදිකරන ලද ගිම්හාන ගෘහයක් මල් වත්තට පහළින් දක්නට ලැබේ.
රෝස උයන
උද්භිද උද්‍යාන ශාක සංචිත දේශීය වශයෙන් කීර්තියක් දිනා ඇති අතර, ද්විත්ව ටෙරස් ඉඩමක පිහිටුවා ඇති රෝස උද්‍යානයේ, එංගලන්තයෙන් සහ ඇමරිකාවෙන් ආනයනය කරන ලද නවීන රෝස වර්ග අඩංගු වේ. රෝස උයනට පිටුපසින් ඔසු මායිමක් දක්නට ලැබේ.
වීදුරු ගෘහය
ගෘහස්ථ ශාක සඳහා ගබඩාවක් ලෙස අලුතින් ස්ථාපිත වීදුරු ගෘහය පිටවීමේ මාර්ගය පසෙකින් පිහිටා ඇත. මෙහිී Begonias, Peperomias, Afican violet වැනි මල් පිපෙන් ශාකවල නිදර්ශක ප්‍රදර්ශනය කෙරේ. Primula, Gloxinia, Streptocarpus, Pelargonium සහ බොහෝ පතොක් සහ මාංශල ශාක වර්ගවල නිදර්ශක ද ප්‍රදර්ශනය කර ඇත.
ඉහළ මල් වත්ත
ඉහළ මල් වත්ත වාර්ෂික මල් ප්‍රදර්ශනය කරන අතර එයට ඔසු පැළ සහ කුඩා රෝස මල් එකතුවක් ද ඇතුළත් වේ. මෙක්සිකෝවේ සිට මොන්ටෙසුම් පයින් (Pinus montezumae) සහ නිව් සවුත් වේල්ස්හි Hoope pine (Araucaria cunninghamii) මල් වත්ත දෙපස සිටුවා ඇත. mauve මල් සහිත Jacaranda මල් පේළියක් (Jacaranda ovualifo) පහළින් දක්නට ඇත. යෝධ Monterey cypress ශාක සහ Japanese cedar trees (Cryptomeria japonica) මල් වත්ත වටා වගා කර ඇත. වනසපු ගසක (Michelia nilagirica) Dada Kehel (Rhaphidophora decursiva) තද කොළ පැහැති සහ ගැඹුරට කැපූ කොළ වැඩෙන අයුරු දැකිය හැකිය.
7.30 AM - 6.00 PM

Opening Hours

7.30 AM - 5.00 PM

Ticketing Hours

365 Days

Open

For Overseas Tourist

Entrance Fee

Come and explore the spectacular plant life of Sri Lanka

Foreign Adult

(Elder than 12)

LKR3,540/=/ Ticket
  • Great explorer of the truth, the master-builder.
Foreign Student

(Must have proof)

LKR2,360/=/ Ticket
  • Great explorer of the truth, the master-builder.
Foreign Child

(5 to 12 Years)

LKR1,770/=/ Ticket
  • Great explorer of the truth, the master-builder.