ගනේවත්ත වන ඖෂධ උද්‍යානය

ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල නගරයේ සිට කිලෝමීටර් 25ක් පමණ දුරින් ගනේවත්ත වන ඖෂධ උද්‍යානය පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම ඖෂධීය ශාක එකතුව මෙම උද්‍යාන සතුය.

උද්‍යානයේ පිහිටීම

ගනේවත්ත වන ඖෂධ උද්‍යානය ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල නගරයේ සිට කිලෝමීටර් 25 ක් පමණ දුරින් පිහිටා ඇත. 1956 වසරේදී නිල වශයෙන් විවෘත කරන ලද මෙම උද්‍යානය වර්තමානය වන විට ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වේ. මෙම උද්‍යානයේ විවිධ විෂය ක්ෂේත්‍රවලට අයත් කාර්ය මණ්ඩල නිලධාරීන් 35කට ආසන්න සංඛ්‍යාවකින් ඇති අතර, ඔවුන් උද්‍යානයේ සමස්ත අරමුණු සහ කාර්යයන් සඳහා විවිධ ආකාරවලින් දායක වේ.

ගනේවත්ත වන ඖෂධ උද්‍යානය අතරමැදි කලාපයේ පිහිටා ඇති අතර එනිසා පුළුල් පරාසයක ඖෂධීය ශාක වර්ධනය සඳහා සුදුසුම ස්ථානයකි. උද්‍යානය හෙක්ටයාර 21.04 (අක්කර 52)ක වපසරියකින් යුක්ත වන අතර නිවර්තන කලාපීය දේශගුණයකින් හා 250 C - 300 C අතර සාමාන්‍ය උෂ්ණත්වයකින් යුක්ත වේ.

මෙම උද්‍යානයේ ඒකදේශික ශාක සහ ආවේණික ශාක ඇතුළු විවිධ ශාක දක්නට ලැබේ. ශාකාගාරයේ සරුවට වැඩුණු දැවැන්ත නිවර්තන ඖෂධීය ශාකවල උද්‍යානයේ තේජස ඉස්මතු කරයි.

මෙම උද්‍යානයේ දැනට ඖෂධීය ශාක විශේෂ 300 කට වැඩි සංඛ්‍යාවක් ඇති අතර, ඖෂධීය ශාක විතැන් සංරක්ෂණය සම්බන්ධව සහ ඒවායේ ජාන සංචිතය සම්බන්ධව කටයුතු කරයි. එමෙන්ම ඖෂධීය ශාක වාණිජමය වශයෙන් වගා කිරීම ද මෙම උද්‍යානයෙන් සිදු කෙරේ.

ඖෂධීය ශාක ක්‍රමානුකූලව වගා කිරීමේ ශිල්පීය ක්‍රම ද මෙම උද්‍යානයෙන් ප්‍රදර්ශනය කරයි. සිසුන්ට සහ විද්‍යාඥයින්ට පුළුල් අධ්‍යාපනික සහ පර්යේෂණ අවස්ථා ද වන ඖෂධ උද්‍යානයෙන් සපයන අතර සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව හදාරන සිසුන්, ආයුර්වේද වෛද්‍යවරුන්, උද්භිද විද්‍යාඥයින්, පාසල් සිසුන් සහ මහජනතාවගේ දැනුම පුළුල් කරන දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයක් වශයෙන් ද මෙම ස්ථානය ක්‍රියාත්මක වේ. මෙම උද්‍යානයේ ස්වාභාවික සුන්දරත්වය හේතුවෙන් විවිධ ආකාරයේ රූගත කිරීම් සඳහා මෙම ස්ථානය යොදා ගන්නා අතර එයින් පාරිසරික සංචාරක ව්‍යාපාරය ද ප්‍රවර්ධනය වේ.

Location MAP

How to see the garden

A map showing the most important places is enclosed in this folder.

ඖෂධ පැළෑටි ප්‍රචාරණය සඳහා ප්‍රධාන තවාන් 3ක් ඇති අතර එමඟින් වාර්ෂිකව 30,000කට වැඩි ශාක ප්‍රමාණයක් නිපදවයි. එම තවාන් උද්‍යාන පරිශ්‍රයේ පිහිටා ඇති අලෙවි මධ්‍යස්ථානය මගින් දෙපාර්තමේන්තුව යටතේ ඇති අනෙකුත් උද්භිද උද්‍යාන වෙත සහ මහජනතාව වෙත ඖෂධ පැළෑටි නිෂ්පාදනය කර ලබා දෙදෙප්‍රධාන මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරයි. මීට අමතරව, ඖෂධ පැළෑටි සහ විසිතුරු ශාක පිළිබඳ උද්භිද විද්‍යාත්මක තොරතුරු හා වගා ක්‍රම පිළිබඳ තොරතුරු සපයන පොත්, පත්‍රිකා සහ පෝස්ටර් අලෙවි මධ්‍යස්ථානයෙන් මිළදී ගත හැකිය.

උද්‍යානයේ ඇති කුඩා ශාකාගාරයේ වියළි ඖෂධීය ශාක නිදර්ශක ඇති අතර ඖෂධීය ශාක හා විසිතුරු ශාක පිළිබඳ පොත් සහ ඓතිහාසික වටිනාකමක් ඇති පොත් සහ සඟරා ද එහි තිබේ. විවිධ ඖෂධීය ප්‍රභේදවල බීජ එකතු කර වෙනම බීජ කාමරයක සංරක්ෂණය කර ඇති අතර නරඹන්නන්ට සහ සිසුන්ට ඒවා පිළිබඳ වැඩි දැනුමක් සහ බොහෝ තොරතුරු ලබා ගත හැකිය. පරාගවාහකයන් සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම සඳහා, සාම්ප්‍රදායික දැනුම සහ තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් මීමැසි පාලනය කටයුතු ද උද්‍යානය තුළ සිදු කෙරේ.

මීට අමතරව, සංරක්ෂණාගාරයක්, මව් ශාක එකතුවක්, පැඟිරි ශාක එකතුවක්, වැල් එකතුවක්, කාබනික ගොවිපලක ආකෘතියක්, ශිෂ්‍ය උද්‍යානයක්, ජලජ ශාක එකතුවක් සහ සාම්ප්‍රදායික පළතුරු අංශයක් ආදිය ද උද්‍යානයට ඇතුළත් වේ.

පසුව උද්‍යානයට එකතු කරන ලද උද්‍යානයෙන් වෙන්ව පවතින කොටස සම්පූර්ණයෙන්ම මල්වගා පර්යේෂණ හා සංවර්ධනය කටයුතු සඳහා වෙන් කර ඇත. එහි ඕකිඩ්, ඇන්තූරියම්, විසිතුරු පත්‍රික ශාක සහ අනෙකුත් විසිතුරු ශාක වගා කිරීම සඳහා තවාන් හතරක් ඇති අතර එමගින් ප්‍රදේශයේ මල් වගාකරුවන්ට මල්වගාව පිළිබඳ වඩාත් කාර්යක්ෂම සේවාවක් හා තාක්ෂණික දැනුම ලබා දේ.

Locations

What you can see

visitors are advised to walk round the gardens if they wish to explore the many beautiful places in this very compact garden.

4.5 VISITORS RATING

Trusted By 1000+ Visitors

ප්‍රධාන පිවිසුම
ඇතුළුවීමේ දොරටුව අසළම වම්පසින් තණකොළ හොඳින් නඩත්තු කරන ලද මල් මිශ්‍රිත බෝඩරයක් දක්නට ලැබේ. ඊට විරුද්ධ පසින් කැලිෆෝනියාවේ සයිප්‍රස්වලින් (Hesperocyparis macrocarpa) සමන්විත බඩවැටියක් දක්නට ලැබේ. ඕස්ට්‍රේලියාවේ රිදී පත්‍ර සහිත නිව් සවුත් වේල්ස් ටර්පන්ටයින් ගසේ (Syncarpia glomulifera) යෝධ නිදර්ශක දෙකක් සයිප්‍රස් වැටියෙන් ඔබ්බට රෝපණය කර තිබෙනු දක්නට ලැබේ. ප්‍රධාන මායිමට පිටුපසින් තණකොළ බෑවුමේ උස පඳුරු ලෙස ඇසේලියා (Rhododendron indicum) සහ කැමේලියා (Camellia japonica) වර්ග කිහිපයක් රෝපණය කර ඇත. සිහින් පත්‍ර සහිත බොටල් බුෂ් (Callistemon lanceolatus) මල් මායිම දිගේ තැන තැන රෝපණය කර ඇත.
මැද පොකුණ සහ බල්බ උයන
ප්‍රධාන පිවිසුමේ සිට ආරම්භ වන අඩි පාර කහ පැහැති water lilies වගා කර ඇති පොකුණට දක්වා දිවෙයි. Bunya Bunya Pine (Araucaria bidwilli), Eugenia cunninghamii සහ ශ්‍රී ලංකාවේ දේශීය ශාකයක් වන මිහිරියා (Gordonia axillaris) යන ශාක මැද පොකුණ වටා රෝපණය කර ඇත. 1924 දී විවෘත කරන ලද බල්බ උයන වෙත වම් පස ඇති අඩි පාර දිවෙයි. එහි Lilium, Watsonia, Gladiolus, Agapanthus සහ Zephyranthes එකතුවක් ඇති අතර ඒවායින් බොහොමයක් ඕලන්දයෙන් සහ ජපානයෙන් හඳුන්වා දෙන ලද ශාක විශේෂ වේ.
පහළ මල් උද්‍යානය
උද්‍යානයට අලංකාරයක් එක් කරන වාර්ෂික මල් රාශියක් ප්‍රදර්ශනය කෙරේ. flame bush, (Streptosolen jamesoni) Cestrum elegans, Poinsetia pulcherrima සහ Fuchcia වැනි ශාක වර්ග බොහොමයක් කඩාහැලෙන මනහර මල් ගොමු, ඔසු පැළ මායිමේ දක්නට ලැබේ. උද්‍යානය වටා කපුරු ශාක ද රෝපණය කර ඇත.

(Cinnamomum camphora) චීනයෙන්, ක්වීන්ස්ලන්ත box tree ( Tristania conferata) ශාකය ඕස්ට්‍රේලියාවෙන්, Japanese silkworm Oak (Quercus serrata) ජපානයෙන්, southern Magnolia (Magnolia grandiflora) ෆ්ලොරීඩාවෙන්, සුවඳැති මල් සහිත ඖෂධීය ශාකයක් වන මදනකාම (Michelia fuscata) චීනයෙන්, පඳුරු ලෙස සැදෙන Senegal Data Palm, (Phoenix reclinata) ශාක දැකිය හැකියි. තද රතු පාටින් පිපෙන ස්වදේශික Rhododendron නැතහොත් මහරත් මල් (Rhododendron arboreum ssp zeylanicum) නරඹන්නන් මඟනොහැරම නැරඹිය යුතු මනස්කාන්ත මල් විශේෂයකි. උද්‍යානයේ පුරෝගාමී භාරකරුවෙකු වූ ජේ.කේ නොක් මහතා සිහිවීම සඳහා 1910 දී ඉදිකළ ගිම්හාන ගෘහයක් පහළ මල් උද්‍යානයේ දක්නට ලැබේ.
රෝස උද්‍යානය
උද්භිද උද්‍යාන ශාක එකතූන් සඳහා දේශීයව විශාල ඇගයීමක් ඇති අතර, එංගලන්තයෙන් සහ ඇමරිකාවෙන් ආනයනය කරන ලද නවීන රෝස වර්ග, මට්ටම් දෙකක භූමියක පිහිටුවා ඇති රෝස උද්‍යානයේ වගා කර ඇත. රෝස උයනට පිටුපසින් ඔසු පැළ බෝඩරයක් දක්නට ලැබේ.
ග්ලාස් හවුස්
පිටවීමේ මාර්ගය පසෙකින් ගෘහස්ථ ශාක සංරක්ෂණය සඳහා ගබඩාවක් වශයෙන් අලුතින් ස්ථාපිත හරිතාගාරය පිහිටා ඇත. මෙහි බිගෝනියා, Peperomias, Afican violet හි පිපෙන මල් නිදර්ශක ප්‍රදර්ශනය කරයි. Primula, Gloxinia, Streptocarpus, Pelargonium සහ බොහෝ පතොක් සහ මාංශල ශාක වර්ගවල නිදර්ශක ද ප්‍රදර්ශනය කෙරේ.
ඉහළ මල් උද්‍යානය
ඉහළ මල් උද්‍යානය වාර්ෂිකව පිපෙන මල් ප්‍රදර්ශනය කරන අතර, එයට ඔසු පැළ සහ කුඩා මල් සහිත රෝස මල් එකතුවක් ද ඇතුළත් වේ. මෙක්සිකෝවෙහි Montezume pine (Pinus montezumae) සහ නිව් සවුත් වේල්ස්හි Hoope pine (Araucaria cunninghamii) උද්‍යානය දෙපස සිටුවා ඇත. දම්පාට මල් සහිත Jacaranda පේළියක් (Jacaranda ovualifo) පහළින් දක්නට ඇත. යෝධ Monterey cypress ශාක සහ Japanese cedar (Cryptomeria japonica), මල් වත්ත වටා රෝපණය කර ඇත. වනසපු ගසක (Michelia nilagirica) වැඩෙන තද කොළ පැහැති සහ ගැඹුරු පත්‍ර සහිත දද කෙසෙල් (Rhaphidophora decursiva) දැකිය හැකිය.

Highlights in the Garden

What you can see

visitors are advised to walk round the gardens if they wish to explore the many beautiful places in this very compact garden.

4.5 VISITORS RATING

Trusted By 1000+ Visitors

7.30 AM - 6.00 PM

Opening Hours

7.30 AM - 5.00 PM

Ticketing Hours

365 Days

Open

For Overseas Tourist

Entrance Fee

Come and explore the spectacular plant life of Sri Lanka

Foreign Adult

(Elder than 12)

LKR3,540/=/ Ticket
  • Great explorer of the truth, the master-builder.
Foreign Student

(Must have proof)

LKR2,360/=/ Ticket
  • Great explorer of the truth, the master-builder.
Foreign Child

(5 to12 years)

LKR1,770/=/ Ticket
  • Great explorer of the truth, the master-builder.