ඕකිඩ් ඒකකය

ඕකිඩ් එකතුවක් පවත්වාගෙන යාමට සහ නව දෙමුහුන් නිෂ්පාදනය සඳහා ඕකිඩ් අංශය මුලින් පිහිටුවන ලද්දේ 1950 ගණන්වල ය. 1970 ගණන්වලදී එය ප්‍රතිසංවිධානය කරන ලද අතර නව පටක රෝපණ රසායනාගාරයක් (පළමු පටක රෝපණ රසායනාගාරය) පිහිටුවන ලදී.

ඕකිඩ් පැළ නිෂ්පාදනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් අලෙවිය පුළුල් විය. 1970 ගණන්වලදී නව ඕකිඩ් ප්‍රදර්ශනාගාරයක් ද පිහිටුවන ලද අතර එය තවමත් ක්‍රියාත්මක වේ. ඕකිඩ් උයන උද්‍යානයේ ආකර්ෂණීය ස්ථානවලින් එකකි. දැනට ඕකිඩ් උයන පැළ නිෂ්පාදනය හා නඩත්තු කිරීම සඳහා වීදුර ගෘහ 3කින් යුක්ත වේ. වීදුර ගෘහ/තවාන් සහිත ප්‍රදේශ ප්‍රතිසංස්කරණය කර නවීන ආකාරයට ජල සැපයුම් ලබාදී ඇත. විශේෂ 6කට අයත් ඕකිඩ් දෙමුහුන් 500-600ක් පමණ මෙහි රෝපණය කර ඇත. දුර්ලභ ඕකිඩ් විශේෂ හා තර්ජනයට ලක්ව ඇති ආවේණික ඕකිඩ් විශේෂ සංරක්ෂණය කිරීම මෙම අංශයේ ප්‍රධාන අරමුණුවලින් එකකි.

වාර්ෂිකව මෙම ඒකකවල ඕකිඩ් වගාකරුවන්, සිසුන් සහ ස්වයං රැකියාවල නිරතවන්නන් විශාල පිරිසකට ඕකිඩ් වගාව පිළිබඳ පුහුණුව ලබා දේ.

හදුන්වාදුන් ඕකිඩ් දෙමුහුම්

පහත දැක්වෙන්නේ මෙම ඒකකයෙන් හදුන්වාදුන් ඕකිඩ් දෙමුහුන් කිහිපයකි.

  • Dendrobium Prince Michiko
  • Cattley Sirimawo Bandaranaika
  • Phalaenopsis Princes Chulabourn
  • Vanda Centenaria
  • Phalaenopsis Madam Chandika Bandaranayake Kumarathunge

Contact us for more details

(+94) 081 238 8238