සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය, අවිස්සාවේල්ල

ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන 5ට අභිනවයෙන් එකතු වූ අවිස්සාවේල්ල සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය 2014 වසරේ අග භාගයේදී මහජනතාව සඳහා විවෘත කරන ලදී.

උද්‍යානයේ පිහිටීම

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ 5වන උද්භිද උද්‍යානය වන සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය ශාක සංරක්ෂණය සඳහාම පිහිටුවන ලද පළමු උද්භිද උද්‍යානයයි. උද්‍යානයේ සංවර්ධනය 2008දී ආරම්භ කරන ලද අතර 2015 වසරේදී එය මහජනතාව සඳහා විවෘත කරන ලදී. කොළඹ දිස්ත්‍රික්කයේ තදාසන්න ප්‍රදේශයක් වන අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඉඳිකඩමූකලාන වනරක්ෂිතයට යාබදව ඉලුක්ඕවිට ප්‍රදේශයේ පුවක්පිටිය-තුම්මෝදර මාර්ගයේ සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය පිහිටා ඇත.

වර්තමානයේ එහි වපසරිය හෙක්ටයාර 42 (අක්කර 106) ක් වන අතර අක්කර 7ක තේ වගාවක් ද උද්භිද උද්‍යානයට අයත් වේ. සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට මීටර් 100ක් පමණ ඉහළින් මෙම උද්‍යානය පිහිටා ඇත. තෙත් කලාපීය ශාක විතැන් සංරක්ෂණය, මල්වගා සහ මල්වගා පර්යේෂණ හා පුහුණු වැඩසටහන්, උද්භිද විද්‍යාත්මක අධ්‍යයන සහ සමීක්ෂණ සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය විසින් සිදු කරනු ලබන ප්‍රධාන කාර්යයන් වේ. මල් වගාව ආශ්‍රිත ව්‍යාප්ති වැඩසටහන් මෙන්ම මල් වගා කරන්නන්, පර්යේෂකයින්, පාසල් සිසුන් හා විශ්වවිද්‍යාල සිසුන් සඳහා අධ්‍යාපන හා පර්යේෂණ අවස්ථා සඳහා පහසුකම් සපයයි. ඡායාරූප හා රූගත කිරීම්, සංගීත රූප රචනා සහ ටෙලි නාට්‍ය සඳහා මෙම උද්‍යානය ජනප්‍රිය ස්ථානයකි.

මෙම උද්‍යානයට රෝස උද්‍යානයක්, මීවන උයනක්, නැරඹුම් මැදිරියක්, මලිව් පිරුණු වැවක්, පොකුණු කිහිපයක්, ඖෂධීය ශාක උද්‍යානයක්, කුළුබඩු උද්‍යානයක්, පළතුරු උද්‍යානයක්, සමනල උද්‍යානයක්, ජපන් උද්‍යානයක් සහ pebble garden යනාදියෙන් සමන්විත වේ. උද්‍යානය වටා පහසුවෙන් ඇවිදීම සඳහා මංතීරු සකස් කර ඇත. සියලු ආකර්ෂණීය ස්ථාන ආවරණය වන පරිදි තොරතුරු සිතියම් සහ පුවරු ප්‍රදර්ශනය කර ඇත. මහජනතාව දැනුවත් කිරීම සඳහා ගස්වලට නාම පුවරු සහ විස්තර පුවරු සවි කර ඇත. තවද, මෙම උද්‍යානයේ කුරුල්ලන්, සමනලුන්, මාළුන් ආදී සත්ව විශේෂ රාශියක් ද දැකිය හැකිය.

Location MAP

How to see the garden

A map showing the most important places is enclosed in this folder.

Locations

What you can see

visitors are advised to walk round the gardens if they wish to explore the many beautiful places in this very compact garden.

4.5 VISITORS RATING

Trusted By 1000+ Visitors

රෝස උයන
උද්‍යානය මුදුනේ රෝස උයන පිහිටා ඇති අතර විවිධ වර්ගයේ දර්ශනීය රෝස පාත්ති වලින් මෙය සමන්විත වේ.
නැරඹුම් ස්ථානය
කඳු මුදුනට යන මාර්ගයේ උද්‍යානය මධ්‍යයට වන්නට දර්ශනීය නැරඹුම් ස්ථානය පිහිටා ඇත. උද්‍යානයේ සුන්දරත්වය මෙන්ම දර්ශනීය කඳු පන්තිවල සුන්දරත්වය විඳිමින් නරඹන්නන්ට මෙහි විවේක ගැනීමට ඉඩ සලසා ඇත.
කුඹුක් පිටිය
සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානයෙහි වඩාත් ජනප්‍රිය මෙන්ම දර්ශනීය ස්ථානය වන්නේ කුඹුක් (Terminalia arjuna) ගස් සහිත විශාල තණකොළ වැවූ භූමියයි. මෙම ප්‍රදේශය දිය පහර සහ විල්වලින් සමන්විත වන අතර සිසිල් සෙවන සහිත පරිසරයක් පවතියි. මෙම ප්‍රදේශය ඡායාරූප ශිල්පීන් අතර වඩාත් ජනප්‍රිය වේ.
මීවන උයන
පඳුරු, වැල් ඇතුළු මීවන විශේෂ 30කට වැඩි ප්‍රමාණයකින් සමන්විත වේ. ආරුක්කු හැඩැති පාලම් සහ ජල විහිදුම් වැනි අලංකාර භූමි අංගයන්ගෙන් මීවන පාත්ති ආකර්ෂණීය ලෙස සකස් කර ඇත.
ජපන් උද්‍යානය
ජපන් උද්‍යානය ස්වාභාවික ගල්, ගල් කැට සහ සුදු වැලි සහිත නිස්කලංක හා සාමකාමී ස්ථානයකි. ලා පැහැති මිටි (ඩ්වෆ්ට්) මල් පාත්ති මෙන්ම විවිධ හැඩයන් හා ප්‍රමාණවලට කප්පාදු කරන ලද සදාහරිත ශාක සහ පඳුරු දැක ගත හැකිය.
පහසුකම් සහ සේවා
උද්‍යානයේ ගොල්ෆ් කාර් හතරක් ක්‍රියාත්මක වේ. තවද අමුත්තන්ට ආහාරපාන මිලදී ගැනීමට ආපනශාලාව භාවිතා කළ හැකි ය. අමුත්තන්ට පැළ (මල් පැළ, විසිතුරු ශාක, වන උයන් ආශ්‍රිත පැළ, ඖෂධීය ශාක ආදිය), ප්‍රකාශන සහ සිහිවටන ද ළඟම ඇති වෙළඳසැලෙන් මිලදී ගත හැකිය. මෙම උද්‍යානයේ වාහන 100කට වැඩි ප්‍රමාණයක් නැවැත්විය හැකි රථගාලක් ද ඇත. මෙහි ප්‍රධාන වැවේ හංස ඔරු පැදීම සඳහා අමුත්තන්ට අවකාශය දී ඇත. එමෙන්ම, විවාහ මංගල රූගත කිරීම්, ප්‍රෙ-ශූට් රූගත කිරීම් සහ වාණිජ ඡායාරූපගත කිරීම් සහ රූගත කිරීම් සඳහා ද ආකර්ෂණීය සහ ජනප්‍රිය ස්ථානයකි.
7.30 AM - 6.00 PM

Opening Hours

7.30 AM - 5.00 PM

Ticketing Hours

365 Days

Open

For Overseas Tourist

Entrance Fee

Come and explore the spectacular plant life of Sri Lanka

Foreign Adult

(Elder than 12)

LKR3,540/=/ Ticket
  • Great explorer of the truth, the master-builder.
Foreign Student

(Must have proof)

LKR2,360/=/ Ticket
  • Great explorer of the truth, the master-builder.
Foreign Child

(5 to 12 years)

LKR1,770/=/ Ticket
  • Great explorer of the truth, the master-builder.
A World Where People and Nature Thrive

A World Where People and Nature Thrive